Skip to main content

Posts

Showing posts with the label si

The Angry

පඤ්චතන්ත්‍රයේ රචනා ශෛලිය

The composition Style of Panchatantra සංස්කෘත දර්පණ තලයේ පිළිබිඹු වන උපදේශ කෘති අතරින් ශිෂ්ටතම වූත් විශේෂිත වූත් ස්ථානයක් ගනු ලබන්නේ පඤ්චතන්ත්‍රය යි. මනා සංවිධානාත්මක අයුරකින් උපදේශ දානය ඉටු කිරීම එයට ඇති ප්‍රබල ම සාධකය යි. සෑම ග්‍රන්ථයක් ම කිසියම් පදනමක් මත ගොඩ නැගී තිබේ. පඤ්චතන්ත්‍රය විශයෙහි බලන කල එහි විධිමත් භාවයක් දක්නා ලැබේ. යම් ව්‍යුහයක් තුළ අවැසි කරුණු යොදා පිළිවෙළින් සකස් කිරීම තුළින් තත් ග්‍රන්ථ කතුවරයාගේ උත්තුංග ආයාසය මැනැවින් ප්‍රකට කෙරේ. පඤ්චතන්ත්‍රයේ රචනා ලක්ෂණ පිළිබද විලෝකනය කිරීමේ දී අපට දැකිය හැකි ප්‍රකට ම කරුණ නම් උපදේශාත්මක ප්‍රබන්ධ රචනයේ දී සත්ව චරිත උපයෝගී කොට ගැනීම යි. නරි, සිංහ, සා, ගොන් ආදී සිවුපාවුන් ද කපුටු, කොවුලු හා පක්ෂී ගණයා ද ග්‍රන්ථයේ සඳහන් පරිදි සිය තිරිසන් ගති හැර දමා මිනිස් ආචාර-සමාචාර ආලිංගයන කරමින් අදාළ චරිත නිරූපණයෙහි යෙදෙති. පඤ්චතන්ත්‍ර කතුවරයා උපදෙස දීමේ කලාව සෞන්දර්යාත්මක ලෙසින් ඉදිරිපත් කිරීමට ගත් මඟකි ඒ. මිනිස් සමාජයේ සම්මත සතුන්ගේ ගුණාගුණ ඒ ඒ සත්ව වර්ගයාට අනුව වර්ග කොට දැක්වීමෙන් ද මනුෂ්‍ය ගුණ ඒ හා සම්බනධ කිරීමෙන් ද සත්ව-මන...